කෙහෙළිය රඹුක්කැල්ල වහාම අත්අඩංගුවට ගන්න

 


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල.මහතාට විරෝධය ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වුණා.  


සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියා..


විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියේ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකළ අක්‍රමිකතා වෙනුවෙන් සිදුකළ පැමිණිලි සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොසලකා හැර තිබෙන බවයි.  


හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දූෂිත ක්‍රියාවලට එරෙහිව සහ ඖෂධ මාෆියාවට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවයි ඔවුන් කියා සිටියේ..


විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි රුක්ෂාන් බෙල්ලන මහතා ද මාධ්‍යවෙත අදහස් දැක්වූවා..


රුක්ෂාන් බෙල්ලන මහතා මෙහිදී කියා සිටියේ සියලු ඖෂධ වල ගැටලු ඇති බවයි...


විරෝධතාවයට එක් වූ කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා..


කෙහෙළිය රඹුක්කැල්ල වහාම අත්අඩංගුවට ගන්න | හැම බෙහෙතකම මොකක් හරි අවුලක් තියෙනවා

Post a Comment

Previous Post Next Post