යුක්තිය මෙහෙයුම තලංගම පොලීසිය
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව "යුක්තිය "මෙහෙයුමට සමගාමීව අද අලුයම 2.30 ට පමණ තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලංගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු විශේෂ කණ්ඩායමක් විසින් හදිසි සෝදිසි මෙහෙයුමකට ලක් කලා.
මෙහිදී සැකපිට පුද්ගලයින් 21 දෙනෙක්ද, සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු වන බට පොත තලංගම පදිංචි කුරුප්පු චතුරංග පුෂ්පකුමාර මෙන්ඩිස් නොහොත් " තලංගම බන්ටි" නැමැති පුද්ගලයාගේ සහෝදරියක වන "හාමිනා "යන අය හෙරොයින් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ වා. තවද රාත්‍රී කාලයේ සමාජ ශාලාවල ගණිකා වෘත්තයේ යෙදෙමින් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටී කාන්තාවක්ද හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අතර නඩු ගණනාවකට අධිකරණය මගහරිමින් සිටී එක් පුද්ගලයෙක් ද අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය පෙතිද සමග අත්අඩංගුවට ගනු ලැබුවා. මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව හා අධිකරණය මගහරිමින් සිටි පුද්ගලයා හට "විෂ මත්ද්‍රව්‍ය නාසක "පනත යටතේ රැඳවුම් නියෝග ලබා ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම විශේෂ අවස්ථාවට සහකාර පොලිස් අධිකාරී නුගේගොඩ 2 ප්‍රියන්ත ඒකනායක මහතා, තලංගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ශක රොශාන් අනුරුද්ධ මහතා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහභාගි වී සිටියා.
වැඩි විස්තර පහත වීඩියෝවෙන්