බස් ගාස්තු ඉහළට


     

ජනවාරි මාසයේ සිට වැට් බදු වැඩි වීමත් සමඟ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස් රථයක් එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන අතර එම මිලට බස් රථයක් මිලදී ගෙන සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.

මීට අමතරව මෙම වැට් බදු සශෝධනයත් සමඟ බස් අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු ආදී සියල්ලම ඉහළ යන බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Post a Comment

Previous Post Next Post